Thursday, March 13, 2008

ව්‍යවසායකයින් උනන්දු කළ හැකි අනෙකුත් කර්මාන්ත
1. සංචාරක කර්මාන්තය

මීගමුව ප‍්‍රදේශය සංචාරකයින් බහුල ලෙස ගැවසෙන ප‍්‍රදේශයකි. සංචාරකයින් සඳහා හෝටල් පවත්වාගෙන යෑම, විවිධ ආහාර පාන විකිණීම, විසිතුරු ආභරණ විකිණීම, බතික් රෙදිපිළි අලෙවිය, පන් තොප්පි, හම් බෑග්, පසුම්බි ආදිය නිශ්පාදනයන් අලෙවිය මඟින් විශාල ආදායමක් උපයා ගත හැකිය.
2. වෙළඳාම
රෙදිපිලි හා ඇඟළුම්, පාවහන්, විසිතුරු බඩු වැනි භාණ්ඩ බහුල ලෙස අලෙවි කළ හැකි ප‍්‍රදේශයකි. කටුණායක ඇඟලූම් කර්මාණ්ත වල සේවය කරන සේවකයින් බොහෝ දෙනෙකු භාණ්ඩ මිළදී ගැනීම සඳහා පැමිණෙනුයේ මීගමුව නගරයටය.
3. රත්තරන් භාණ්ඩ නිශ්පාදනය
4. ආහාර ද්‍රව්‍ය අලෙවිය නොයෙකුත් රසකැවිලි වර්ග හා විවිධ ආහාර වර්ග සාදා අලෙවි කළ හැකිය.
5. ඇඟළුම් කර්මාන්තය
ඇඟළුම් කර්මාණ්තය පවත්වාගෙන යෑම තුළින් පුද්ගලියින් රැුසකට රැුකියා අවස්ථා ලබාදිය හැකිය.
6. මුදල් වෙළඳ පොල කටයුතු විදේශ මුදල් හුවමාරු කටයුතු මඟින් ව්‍යවසායකයින් වෙළඳ පොල සඳහා උනන්දු කළ හැකිය.
7. බිම් මල් නිපදවීම
මෙය ස්වයං රැුකියාවක් ලෙස කළ හැකිය.
8. මල් වගාව ඇන්තූරියම්, කානේෂන් වැනි මල් වගාකර විදේශ වෙළඳ පොල සඳහා අලෙවි කළ හැකිය.
9. සතුන් ඇති කිරීම
කිරි හා මස් සඳහා එළුවන්, කුකුලන් වැනි සතුන් ඇතිකිරීම මඟින් අමතර ආදායමක් ලබාගත හැකිය.
10. කළපුව ආශිත ඉස්සන් හා කකුළුවන් ඇති කිරීම.

මීගමුව ප‍්‍රදේශයේ අඩපන වී ඇති කර්මාන්ත
1. කොහු කර්මාණ්තය
2. පොල්තෙල් කර්මාණ්තය
මෙයට ප‍්‍රධන හේතුව වී ඇත්තේ බොහෝ ප‍්‍රදේශ වල පොල් ඉඩම් කට්ටි කර විකිණීමයි. මෙමඟින් පොල් නිශ්පාදනය අඩුවී ඇත. එම නිසා පොල් ආශ‍්‍රිත අතුරු කර්මාණ්තයන්ද අඩපන වී ඇත.
3. අනෙකුත් වැවිලි කර්මාන්ත මෙයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඉඩම් හිඟකමය.